වෙබ් අඩවි නිර්මාණය හා සංවර්ධනය වර්ථමානයේ ඉතා ජනප්‍රිය මාතෘකාවක්. බොහෝ දෙනා වෙබ් අඩවි නිර්මාණය ගැන ඉගෙන ගන්න ගොඩක් මහන්සි ගන්නව.
ඔවුන් සමහරු විවිධ භාශා (HTML,ASP,PHP,JS,) හදාරණව, සමහරු අන්තර්ගත කළමනාකරණ පද්ධතීන් (CMS - Joomla , Wordpress, Durpal) හදාරණව, සමහරු WYSIWYG මෘදුකාංග (Dreamweaver, Expression Web, Artiseer) භාවිතා කරනව.
ඔය මොනව කලත් කාටත් ඇගට ගුණයි වෙබ් භාශාව ලෙස පිළිගන්නා HTML, CSS, JavaScript ගැන සුළු වශයෙන් හෝ අවබෝධය ලබා ගන්නවානම්. ඊට පස්සෙ ඉහත ක්‍රමයකට හුරුවෙන්න පුළුවන්.
හොදයි, කාට හරි HTML,CSS,JavaScript ඉගෙන ගන්න ඕන නම්, http://www.w3schools.com වෙබ් අඩවියෙන් එම භාශා ඉගෙන ගන්න ලේසියෙන්ම පුළුවන්.
හොදයි අපේ මේ සූදානම ඔබට HTML,CSS, JavaScript උගන්නන්න නෙවෙයි. අපි සූදානම් වෙන්නෙ ඔබට Dreamweaver භාවිතා කරන ආකාරය පෙන්වා දෙන්න.
අපි මුලින් කිව්ව වගේ කොයි කවුරුත් මුලින්ම HTML,CSS, JavaScript උඩින් පල්ලෙන් හරි ඉගෙන ගත්තනම් තමයි ඇගට ගුණ. මොකද කිව්වොත් වෙබ් අඩවි නිර්මාණයේ අඩිතාලම එය නිසා.
කෙලින්ම වැඩේට බහින්නෙ නැතිව අපි ගම වටේ පොඩ්ඩක් දුවල එමු.
වෙබ් අඩවි නිර්මාණය
වෙබ් අඩවි නිර්මාණය කියන්නෙ වෙබ් පිටු නිර්මාණය හා සැකසීමේ ක්‍රියාවලියයි. වෙබ් පිටු ගණනාවක එකතුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය වෙනව.
වෙබ් අඩවි නිර්මාණයේදී සැළකිළිමත් විය යුතු කරුණු,
1. වර්ථමානයේ ඔබ සකස් කරන වෙබ් අඩවිය වෙත පිවිසෙන කෙනා කුමන ආකාරයෙන් එයට පිවිසෙනවාද යන්න ගැන විශේෂ අවධානය යොමු කරන්න අපට සිද්ධ වෙලා තියෙනව. මොකද කියනවනම් iPhone,Android වගේ Smart Phone වර්ග භාවිතය වර්ථමානය වෙද්දි වැඩිවෙලා තියෙන නිසා. බොහෝදෙනා ඔබේ වෙබ් අඩවියට ගෘහස්ථ සාමාන්‍ය පරිගණකයකින් පිවිසෙනවා වගේම සමහරු Smart Phone එකකින් ඔබේ වෙබ් අඩවියට පිවිසෙනව වෙන්න පුළුවන්. මේ උපාංග අතර ගුණාංග වෙනස් ඒක නිසා ඔබේ වෙබ් අඩවිය වැඩි උපාංග ගණනක අවහිරයකින් තොරව දර්ශනය වන සේ සැකසීම කලයුතුයි.2. ග්‍රාහකයින් ආකර්ශනය කර ගැනීම. වර්ථමාන ග්‍රාහකයා ඒ කියන්නෙ වෙබ් අඩවිය වෙත පැමිණෙන්නා ටිකක් විතර Busy පුද්ගලයෙක් වැඩිවෙලා ඔබේ වෙබ් අඩවියේ රැදී ඉන්නෙ නෑ. ඔහුට අවශ්‍යදේ සෘජුව ආකර්ශනීයව ලබාදෙනව නම් පැමිණෙන වාර ගණන වැඩි කරගන්න පුළුවන්. සමාජ ජාල (FB,Twitter,Digg) ඔස්සේ ප්‍රචාරය කිරීමත් හොද ක්‍රමයක්.
ප්‍රධාන වශයෙන් ඉහත කරුණු ගැන සැලකිල්ලක් දක්වන අතරම තවත් කරුණු අප ඉදිරියේ සාකච්ඡාවට භාජනය කරමු නේ?.......
ඔබ ආරම්භ කලයුතු ස්ථානය,
1. ඔබ වැඩිය වෙබ් අඩවි සමඟ කාලය ගතකරන්නෙ නැත්නම් වහාම වෙබ් අඩවි සමග වැඩි කාලයක් ගතකරන්න පටන් ගන්න. මොකද යමක් ඉගෙන ගැනීමට පෙර එය සැබෑ ලෝකයේ භාවිතාවන ආකාරය ගැන දැනීමක් ඇතිකර ගැනීම කාගෙ කාගෙත් ඇගට ගුණ නිසා. එවිට වෙබ් අඩවි වල සැකැසුම හැසිරවීම චිත්‍රක කොටස් ගැන ඔබට දැනීමක් ඇතිවනු ඇති.
2. ඉන්පසු HTML,CSS, JavaScript ටිකක් ඉගෙන ගන්න. ඒ දැනුම භාවිතයෙන් වෙබ් පිටු කීපයක් සකස් කරන්න.
3. අනතුරුව වෙබ් අඩවි සැකසීමේ මෘදුකාංගයක් Download කර ගන්න.
4. එය සමග වැඩකරන ආකාරය ඉගෙන ගන්න.
හොදයි...හොදයි...හොදයි... අපි මෙතනින් එහාට කතා කරන්නෙ ඔබ දෙවන පියවර සම්පූර්ණ කර ඇතැයි උපකල්පනය කරගෙන. හොදේ.........
...............................................................මතුසම්බන්ධයි...............................................................
